Skip to content
Value for Money Value for Money
Great Quality Great Quality
Seamless Support Seamless Support

latest arrival drops in

Cart

Your cart is empty

ශ්‍රී ලංකා නිදහස් දිනය

ලෝක ඉතිහාසයේ දෑතින් ආරම්භ කල විශිෂ්ඨතම කර්මාන්තයක් ලෙස පේෂ කර්මාන්තය සියවස් ගනනාවක් පුරා දියුණු වෙමින්, පරිණාමය වෙමින් අද වන විට කෘතිම බුද්ධිය භාවිතයට ගන්නා අවධියක් දක්වා පැමිණ ඇත. ඒ හා සමානවම ශ්‍රී ලාංකික අපටද අපේම ඓතිහාසික සළුපිලි කර්මාන්තයක නටඹුන් ඉතිහාසය පුරා දකින්නට හැක.

ලිඛිත සාක්ෂියක් ලෙස අප දන්නා පරිදි ඒ ඉතිහාසය විජයාගමනය දක්වා දිවෙයි. මහාවංශයේ සඳහන් වන්නේ, විජය කුමරු හා ඔහු සමග පැමිණි හත්සියයක් වූ සෙනඟ තම්බපණ්නියේ ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බවයි. ඒ හා බැලූ කල ශ්‍රී ලාංකික අපටම උරුම වූ කර්මාන්තයක් හා කලාවක් ලෙස කපු කැටීම හැඳින්විය හැක. පේෂ කර්මාන්තයේ මුල් පිටු ලෙස කපු කැටීම හා විවීම පිළිබඳව ජාතියක් ලෙස අපට මහා ආඩම්බරකාර කතා පුවත් එමට ඇත. අපටම උරුම වූ සංස්කෘතියක් හා කලාවක් ඇති ජාතියක් ලෙස පේෂ කර්මාන්තයට අවුරුදු දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇත!

හෙළයේ මහා කලාකරු ලෙස මුලින්ම විරුදාවලි ලත් කාශ්‍යප රජු පේෂ කර්මාන්තයේදී නොසලකා නොසිටිය හැකි පතාක යෝධයෙකි. ඔහුගේ රාජ්‍ය සමයේ විවිධාකාර අත්කම් කර්මාන්තයන් ඉතා ඉහල තලයක පැවති වගට නටඹුන් අදටත් සීගිරි භූමිය තුල පවතී. ඒ පසුපස සැඟවුනු ගුප්ත රහස් සහ විද්‍යාත්මක කරුණු කාරණා අදටත් හෙළි නොවූ අතර හෙළ සිංහලයාගෙ අත්කම්හි ඇති විශිෂ්ඨත්වය මැනවින් විදහා පායි. එසමයෙහි පේෂ කර්මාන්තය පැවති තත්වය පිළිබඳ සීගිරි පර්වතයේ බිතු සිතුවම් නිහඬව සාක්ෂි දරයි. උඩු කයට හා යටි කයට වෙන වෙනම ඇඳුම් ආයිත්තම් පැලැන්දූ අපූරු සිතුවම් තුලින් ශ්‍රී ලාංකික පේෂ කර්මාන්තයේ ඇති අලංකාරත්වය හා අනන්‍යතාවය ඉතා මෙනෙවින් එහි පෙන්නුම් කර ඇත. ඉතිං ලාංකික අප පේෂ කර්මාන්තයේ උපන් හපන්නු යන්නට තවත් විවාද අනවශ්‍ය වග ලොවටම අපි පෙන්නුම් කර හමාරය.

ශ්‍රී ලාංකික ඉතිහාසයේ මේ වන විට විවිධාකාර පෙරළියන් ඇති කරමින් අන්තර්ජාතික තත්වයන් හා උරෙන් උර ගැටෙමින් සම්ප්‍රදායන් අතික්‍රමණය කල පේෂ කර්ම සන්නාම එමටය. අපද, විසි එක් වන ශතවර්ෂයේ සළුපිලි සන්නාම අතරින් පෙරමුව නැගී සිටිමින් , ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 77 වන අභිමානවත් නිදහස් දිනය සමරමින්, අප කර්මාන්තය ගලා ආ අතීත සිදුවීම් මතකාවර්ජනයකි මේ....

⁣අපි අපේ දේශය දිනා දුන් අභීත විරුවන්ට හිස නමා ආචාර කරමින්, දිනූ නිදහස භුත්කි විඳිමු!